Colombo Today Local News

අතුරුදන්වී සිටි 16 හැවිරිදි දැරියක් දුම්රියේ ගැටී මිය ගිහින්

වල්පල ප්‍රදේශයේදී ගාල්ල සිට බෙලිඅත්ත බලා ධාවනයවූ දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මියගොස් ඇති බව මාතර පොලීසිය පවසයි.

ඊයේ (05) රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වන නෝනගම, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

මියගිය දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණු බව පොලීසිය සඳහන් කරයි.

මෘතශරීරය මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සුමිත් ප්‍රසන්න ඝාතන චෝදනාවට ලක්වූ ඇඹිලිපිටියේ ASP නැවතත් සේවයට

colombotoday

මාතලේ පොළ වසා දමයි

colombotoday

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin

සෞදි අරාබියෙන් පැමිණි 6 දෙනෙකුට කොරෝනා

colombotoday

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

colombotoday

ජනපතිගේ තීරණයෙන් ටෙලිකොම් සභාපතිගේ වැටුප මිලියන 2 සිට ලක්ෂ 2.5 ට අඩු වෙයි

colombotoday