Colombo Today Local News

අවාරයේ ශ්‍රී පාදස්ථානයට යන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ගන්න වෙයි

ශ්‍රී පාදස්ථානය නැරඹීම සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් මුදල් අයකරගැනීම අසාධාරණ බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි පවසයි.

වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04)දිනයේ සිට මෙලෙස මුදල් අයකිරීම ආරම්භ කර ඇති බව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නාහිමි සඳහන් කරයි.

රජ සමයේ සිට වාරයේ සහ අවාරයේ ශ්‍රි පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන කිසිදු වන්දනාකරුවෙකුගෙන් මුදල් අය කිරිමක් සිදු නොකළ බවද පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රි පාද රත්නපුර සහ හැටන් මාර්ගයේ පියගැටපෙල ඇතුළු වන්දනාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමට තමන් වහන්සේ කටයුතු කළ බවද එහිදී නාහිමි අවධාරණය කළේය.

අවාරයේ ශ්‍රි පාදස්ථානයේ සංචාරය සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා 2022 වසරේ වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

එම ගැසට් පත්‍රය අනුව ඊයේ(04) දින පස්වරුවේ සිට නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රි පාදස්ථාන සංචාරයේ යෙදෙන විදේශීය සංචාරකයෙකුගෙන් ඩොලර් 5ක මුදලක්, සාර්ක් රටවල් වලින් පැමිණෙන විදේශීය සංචාරකයන්ට ඩොලර් 4 ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබයි.

දේශිය සංචාරකයන්ට රු 40ක මුදලක් අය කර ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර, මෙම ප්‍රවේශපත්‍ර නිකුත්කිරිම ශ්‍රි පාද අවාරයේ පමණක් සිදු කෙරේ.

Related posts

ලහිරු තිරිමාන්නගේ මෝටර් රථය අනතුරකට ලක් වේ

Admin

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බායි

colombotoday

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

නාදුනන පිරිසක් පුද්ගලයකු කපාකොටා ඝාතනය කර පලා ගිහින්. තවත් අයෙකුට බරපතලයි

colombotoday

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

Admin