Colombo Today Local News

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද (04)දින පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඉන්දියානු සාගර කලාපීය රටවල් 28ක සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන බවයි.

සුනාමි ආපදාවට මුහුණදීම සඳහා කලාපීය රටවල ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

උදෑසන 9.30 සිට 11.30 දක්වා කාළය තුළ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මූලික කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දියානු සාගර කලාපීය සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හා යුනෙස්කෝ සංවිධානය විසින් මෙය සංවිධානය කර ඇත.

මෙම කාලය තුළ සුනාමි අවදානමක් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වළකින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

ඌව පළාතේ බුර්කා ඇන්දොත් අත්අඩංගුවට. ආණ්ඩුකාර මෛත්‍රී පොලිසියට උපදෙස් දෙයි

colombotoday

පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ යන්නේ මෙහෙමයි

Admin

බෝට්ටුවකින් ඇවිත් අපිව මරා දැමීමේ තැතක් හෙළිවුණා.. කොන්ත්‍රාත්තුව දුන් කෙනා හොයන්න බෑ

colombotoday

දුරකථන බද්දෙන්, ‍රිදෙන්න වැදුණු අය ඉරිදට එන්න – මහ විරෝධයක් ඇල්විටිගලදී

colombotoday

ජනපති එන සතියේ අවසන් තීරණය ගනී… පළමුව දෙදෙනෙකු එල්ලයි…

colombotoday