Colombo Today Local News

ශාෆ්ටර්ගේ මරණය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව හෙට

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන හේතුව හෙට (01)දින ප්‍රකාශ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31)දින තීරණය කළාය.

මරණකරුගේ මරණයට හේතුව ප්‍රකාශ කිරීම සඳහා පත්කර තිබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවේ අවසන් වාර්තාව අද දින එම වෛද්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම තීරණය ප්‍රකාශ කළාය.

ඒ අනුව, දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව හෙට (01) ලබාදීමට නියමිතව ඇත.

Related posts

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

විමල්-ජයන්ත අධිකරණයට භාර වෙයි… අද දුන් තීන්දුව මෙන්න

colombotoday

ලංකා ඉතිහාසයේ ලොකුම සොරකම නොහොත් ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ල කෑමේ ගේම් එක

colombotoday

2012 ලංකාවට බාල පෙට්රෝල් ගෙනා සමාගමට පෙට‍්‍රල් බැරල් 900000 ක කොන්ත්‍රාත්තුවක් කබීර් හෂීම් දෙයි

colombotoday

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

colombotoday

මගේ කජු කෑම නවත්තලා රටට කෝටි120ක් ඉතිරි කලා

Admin