Colombo Today Local News

වීසා නැතිව කුවේට් සිටි ලාංකිකයින් 28ක් එරටින් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව, දීර්ඝ කාළයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින්, එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද (27) දින එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි පිරිසක් වන අතර, එම තානාපති කාර්යාලීය නිලධාරීන් එරට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව කටයුතු කර මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීමට කටයුතු ක‍ර ඇත.

මෙම පිරිස අද උදෑසන 06.30 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් අතර ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ ගෘහ සේවකයින් 04 දෙනෙකු ද වන අතර මෙම ගෘහ සේවිකාවන් අතර එක් ගර්භණී කාන්තාවක සිටී.

මෙසේ පැමිණි පිරිස අතර වැඩි පිරිසක් අනුරාධපුරය, පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන්ය.

කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස වෙත සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රවාහන ගාස්තු ගෙවීම සිදු කර ඇත.

Related posts

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

colombotoday

බැඳුම්කර මගඩියේ පිරිසකගේ වැඩ තහනම්

Admin

ඉන්ධන මිළ අදත් වෙනස් වෙයි…

colombotoday

පහන්තුඩාව දිය ඇල්ල අසල රතිකෙළියේ යෙදුනු යුවළ සොයයි

colombotoday

උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට

colombotoday

“ඉන්දියාව දැන් ලංකාවේ සමීපතම මිතුරෙක්.. අනාගතය අතිශයින් යහපත්” – අගමැති

colombotoday