සමනලවැව ජලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් සඳහා කැමති ආයෝජකයින්ගෙන් ‘යෝජනා කැඳවීමට’ පියවර ගෙන තිබේ.
සමනලවැව ජලාශය මත මෙගාවොට් 200ක පාවෙන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබුණි.
ඒ අනුව පාවෙන සූර්ය බලාගාර සඳහා ආයෝජනය කිරීමට ජාත්‍යන්තර සහ දේශීය සංවර්ධකයින්ගෙන් මෙගාවොට් 100 බැගින් වූ ව්‍යාපෘති 2ක් සඳහා ‘යෝජනා කැඳවීමට’ මෙසේ පියවර ගෙන තිබේ.