Colombo Today Local News

ලාංකික ධීවරයින් දෙදෙනෙක් ඉන්දීය අත්අඩංගුවට

ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකි.

ඉන්දියාවේ නාගපට්නම් මුහුදු ප්‍රදේශයේදී එරට ආරක්ෂක අංශ විසින් එම ධීවරයින් දෙදෙනා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔවුන් දෙදෙනා දකුණු ඉන්දීය වේදාරනියම් වෙරලාරක්ෂක බලධාරින් වෙත භාරදී තිබේ.

Related posts

ජනාධිපතිගේ ප‍්‍රකාශ සිල්ලරයි – මහාචාර්ය සරත් විජේසූරිය

colombotoday

මඩේ එරුනු මෝටර් රථය දොරගුලු වැටී ගිනි ගනී

Admin

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

Admin

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නිතිය

colombotoday

අංගොඩ ලොක්කාගේ මරණයේ කරුණු හෙළිවෙයි – විෂ ශරීර ගතකල කතාව බොරුවක්

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුවේ ගැසට්ටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ…

Admin