දිස්ත්රික්ක 11කට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව බදුල්ල,ගාල්ල, හම්බන්තොට,කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල,මාතලේ,මාතර,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන මෙලෙස දීර්ඝ කර ඇති අතර එය අද (18)දින සවස 3.30 දක්වා බලපැවැත්වෙනු ඇති.