අද අලුයම අහුංගල්ල ප්රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය.
තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර සිටී.
තුවාල ලැබු පුද්ගලයා ‘ලොකු පැටී’ නම් අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බව ද හෙලිව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ