Colombo Today Local News

වැඩ බැරි දේශපාලඥයෝ අපිට මාෆියාකාරයෝ කියනවා

වැඩ බැරි දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සිය වැරදි වහගැනීම සඳහා තමන් වැනි ස්වොත්සාහයෙන් ගොඩනැගුනු මිනිසුන්ට නොයෙකුත් කතා අහගැනීමට සිදුව ඇතැයි අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.”එදා ඉඳන්ම වැඩ බැරි දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගෙ වැරදි අඩුපාඩු වහගන්න අපි වගේ ස්වෝත්සාහයෙන් ගොඩනැඟුණු මිනිස්සු නොයෙකුත් විදියෙ කතා අහගත්තා. ලෝකෙන්ම ලොකුම වී සයිලෝ ගබඩා පහසුකම තියන වී මෝල රටට දායාද කරලත්, ‘මාෆියාකාරයා’ කියන ලේබල් එක අලවගෙන, රට වෙනුවෙන් වැඩ කරන එකේ තෘප්තිය මම නොඅඩුවම වින්දා.ඒත්, මම අද වගේම හෙටටත් රට වෙනුවෙන් වැඩ කරනවා. රට වෙනුවෙන් ආයෝජනය කරනවා. මොකද මම සහ මගේ පුත් දිමිත්‍ර ඇතුළු කණ්ඩායමට මේ රටට දෙයක් කරන්න ඕන කියන අවංක උණ තවමත් තියනවා.”

Related posts

ආණ්ඩුවේ මන්ත්‍රීන් 58කට අලුත් වාහන.. වාර්ෂික කුලිය කෝටි 258 යි

colombotoday

අම්පාර පෙරියමුත්තු ආරු කලපුවේ අක්කර හයක් මුස්ලිම් ජාතිකයන් බලෙන් අල්ලාගෙන.

colombotoday

කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි

colombotoday

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ OIC මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

colombotoday

වසන්ත ඝාතනයේ හවුල්වූවන්රැසක් පොලිස් දැලේ

Admin

පන්සල්, පල්ලි, කෝවිල්වල ඡන්ද වැඩ තහනම්.. හාමුදුරුවෝ, පූජකයන් වසර 7ක් සිරගෙට

colombotoday