Colombo Today Local News

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර ආසාදිතයෙක් අම්පාරෙන් වාර්තා වෙයි

අද (22)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවය.

එම දීලිරය කොවිඩ් වෛරසය සමඟ සම්බන්ධ වුයේ කොයි ආකාරයෙන් ද යන්න සොයා බලමින් සිටින බව ද වෛද්‍යවරයා පැවසීය.

“ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවෙලා තියෙනවා. කොවිඩ් සමඟ කොයි ආකාරයෙන් ද සම්බන්ධ වුණේ යන්න මේ වන විට ඔවුන් සොයා බලමින් පවතිනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද ගියේ කියන එක තාම ගැටලු සහගතයි.“

මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් සියයට 40ක් මැයි මාසයේ ගෙවුණු දින 21 තුළ සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තාවල දැක්වෙයි.

පවතින තත්ත්වය හමුවේ කොවිඩ් රෝගීන්ගේ සංකූලතා හා ඔක්සිජන් අවශ්‍යතා ඉහළ යමින් පවතින බැවින් දිවයිනේ රෝහල් රැසකට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීම සඳහා උපකාර කරන ලෙසට ඉල්ලා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

උතුරු පළාත,නැගෙනහිර පළාත,කෑගල්ල හා ගම්පහ දිස්ත්‍රික්කවල රෝහල් සඳහා දැනට අඩුපාඩුවක්ව පවතින ඔක්සිජන් යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ 2500ක පමණ ලැයිස්තුවක්ද එම ලිපියට ඇතුළත්ය.

Related posts

ජෝන් ඇමතිට හූ කියූ තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

කිලිනොච්චියේ බුදු මැදුරට තහංචි.. උතුරු සභාව යෝජනාවක් සම්මත කරගනී

colombotoday

ඉපලෝගම මුස්ලිම් පල්ලියකින් පුරාවිද්‍යා සංහාරයක්. | දායක සභාවේ කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.

colombotoday

STF එස්.අයි. කුඩු සල්ලි මුස්ලිම් ජාතිකයෙක් ළග ආයෝජනය කරලා

colombotoday

“කොරොනා වෛරසය මඩකලපුවට එපා” මඩකලපුව නිතිඥවරුන්ගෙන් උද්ඝෝෂණයක්

colombotoday

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin