Colombo Today Local News

අයවැයෙන් වැට් අඩුවෙන හැඩ

2025 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් භාණ්ඩ හා සේවා බද්ධ අඩු කිරීමට රජය සැලසුම් කර ඇත.

එම බදු අඩුකිරීමෙන් අහිමිවන බදු ආදායම උපයා ගැනීම සඳහා විකල්ප ආදායම් යෝජනා ගණනාවක්ද අයවැයෙන් ඉදිරිපත් කිරීමට නියමිතය.

එ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවය ලැබී ඇති බවද සඳහන් වෙයි.

තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා වැඩි ප්‍රතිශතයකින් හා සෙසු භාණ්ඩ හා සේවා සඳහා අඩු ප්‍රතිශතයකින්ද එම බද්ද අඩු කිරීමට නියමිතව තිබේ.

අනතුරුව භාණ්ඩ හා සේවා බද්ද අනුපාත තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා විසින් මෙම අයවැය යෝජනාවලිය පෙබරවාරි 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

කොරෝනා පැණිය නිෂ්පාදනයට තාක්ෂණික සහය

colombotoday

වැස්ස තව දුරයි.. රජරට මහ වැව් සිදී යයි.. මහ නියගයක පෙරනිමිති !

colombotoday

විදුලිබල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීමනාව අත්හරී

Admin

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

සජබ සංවිධායකගේ කාර්යාලයේ වෙඩි වැදුණු කතකගේ මළ සිරුරක්

colombotoday