Colombo Today Local News

වෙන ආණ්ඩුවක් කලා නම් නාමල් කරුණාරත්න අමුඩෙ ගහන් මහා පාරේ

තමන් බලයට ආ පසු තෙල් ලීටරය රුපියල් 52 තෙක් පහත දමන්නේ යයි පැවසූ වත්මන් ආණ්ඩුව පෙට්‍රල් මිල රුපියල් දෙකකින් අඩු කොට අනෙකුත් ඉන්ධන මිල ඉහළ නංවා ඇති බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි චෝදනා කරති.

ගොවි ජනතාවට ප්‍රශ්නයක් ආ විට ගොයම් කරල ඉඟුරු කරල කටේ ගහගෙන අල ලූනු මාධ්‍යයට පෙන්වමින් කටයුතු කළ වත්මන් අමාත්‍ය නාමල් කරුණාරත්න ගොවියන්ට වගා හානි ලෙස අද රුපියල් 40,000ක් වෙන් කර ඇතැයි ද උත් වහන්සේ කියා සිටිති.

වෙනත් ආණ්ඩුවක් මෙය කළා නම් ගොවියන් සමග පාරට බැස අමුඩ ගසා ගෙන උදළු මන්නා කැති පොරෝ කෙටේරි උස්ස ගෙන පාර දිගේ විරෝධතා කරනු ඇති බවත් ගොවියන්ගෙන් දැන් සැප ද කියා තමන් වහන්සේ අසන බවත් එහිමියන් පැවසූහ.

මොවුන් මෙලෙස කටයුතු කරන්නේ දෙවියන්ගේ හාල් කෑවිලා දැයි මාධ්‍ය හමුවක් අමතමින් සීලරතන හිමි ප්‍රශ්න කළහ.

Related posts

නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද ලගට යනවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

අනුර සමග රටට ගමනක් නැති බව ඡන්දය දුන් ජනතාවට තේරිලා

Admin

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් සර් කවුද ?

colombotoday

ඉන්දුනීසියාවේ සිට ලාංකිකයින් 110 දෙනෛකු දිවයිනට

colombotoday

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday