Colombo Today Local News

කන්න බැරි හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්නේ නෑ

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ඇටයක්වත් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෑතකාලීනව වෙළෙඳපොළේ ඇති වූ සහල් හිඟය සහ සහල් මිල ඉහළ යෑම සැලකිල්ලට ගෙන පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව සහල් මිල දී ගැනීමට සහ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා සහල් ආනයනය කිරීමට තීරණය කළ බවත් ඇමැතිවරයා පැවසීය.

මේ අනුව ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ආනයනය කරනු ලබන පළමු සහල් තොගය අද (19) දිවයිනට ළඟාවන බව ද අමාත්‍යවරයා පැවසීය.

එස්.ටී.සී ආයතනය යටතේ සහල් ගෙන්වීමට පමණක් ටෙන්ඩර් 04ක් විවෘත කර ඇති බව ද ඇමැතිවරයා අනාවරණය කළේය.

මෙරටට ආනයනය කරනු ලබන සහල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘ජනතාවට වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති නොවෙන්න තීරණ තුනක් ගත්තා. පළමු තීරණය තමයි සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කරන්න පළමු කැබිනට් මණ්ඩල හමුවේදී තීරණය කළා. ඉන්පසු සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් ආනයනයට පවතින සීමා තාවකාලිකව ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. එමඟින් සහල් මෙට්‍රික් ටොන් 25,000ත් – 30,000ත් අතර ප්‍රමාණයක් ලැබෙයි කියා අපේක්ෂා කළා. ඊයේ දවස වන විට මෙට්‍රික් ටොන් 12,000කට ආසන්න ප්‍රමාණයක් සහල් මෙරටට ආවා. හවස් වෙනකොට මෙට්‍රික් ටොන් 12,000කට ආසන්න ප්‍රමාණයක් වරායෙන් නිදහස් කරගෙන තිබෙනවා. ලංකාවේ මෝල් හිමියන් සතුව මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකට ආසන්න සහල් ප්‍රමාණයක් තිබුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැදිහත් වී සාකච්ඡා වට 03ක් පැවැත්වුවා. ඔවුනුත් දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය වැඩි කර තිබෙනවා.

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් පසු ඔවුන් ඩිරෙක්ට් බයර්ස්ලා හරහා මෙරටට සහල් ගෙන්වනවා. මේ කුමන ක්‍රමයට සහල් ආවත්, වරායේදී සහල් කන්ටේනර් පරීක්ෂා කරනවා. පරීක්ෂා කරන තැන් 03ක් තිබෙනවා. මෙම ක්‍රමවේදයට සහල් කන්ටේනරය වෙන වෙනම පරීක්ෂාවට ලක් වෙනවා. ඕනෑම සහල් කන්ටේනරයක් පැය 04කට ආසන්න කාලයකදී නිදහස් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. මේ සමබන්ධයෙන් කස්ටම් එකේ අධ්‍යක්ෂවරයා සමඟ අපි සාකච්ඡා කර තිබෙනවා. එක් පෞද්ගලික ආනයනකරුවෙක් ඉන්නවා. ඔහු කන්ටේනර 75ක් ගෙන්වා තිබෙනවා. එයින් 03ක ගුල්ලෝ සිටියා. අපි ඒ කන්ටේනර් 03 ආපසු හරහා යැව්වා.මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිසිම අවස්ථාවක අපි ගෙන්වන්නේ නැහැ.

– ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

Related posts

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

අලුත් පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් ශ්‍රීලනිපයෙන් නෙරපයි !

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ ලේඛණවලට ජනපති අත්සන් තබයි !

colombotoday

“ආර්ථිකය අවුලෙන් අවුලට ගිහින්.. රටේ ණය ප්‍රමාණය අහන්න වෙන්නේ වයිමගෙන්” – විගණකාධිපති

colombotoday

දේශපාලන පක්ෂවලට සහ පොලිස් නිලධාරීන්ට පොලිස් ඇමතිගෙන් විශේෂ ස්තූතියක්

Admin

“ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා”

colombotoday