Colombo Today Local News

මම ලෝයර් කෙනෙක් වුනේ හරි පාරේ ගිහින්

මීට වසර 11කට පෙර පැවති නීති විභාගයකදී තමාට විශේෂත්වයක් කළ බවට සිවිල් සමාජ නියෝජිතයකු ගොනුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, තමන් ඇතුළු කිසිදු අපේක්ෂකයෙකුට විශේෂ සැලකිල්ලක් ලබාදී නොමැති බවයි.

වංචාවට දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි ව්‍යාපාරයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කමන්ත තුෂාර කියාසිටියේ නාමල් රාජපක්ෂ වංචනික ලෙස නීති විභායට මුහුණදුන් බවට සාක්ෂි පවතින බවයි.

“මට එල්ල වන අනෙකුත් බොහෝ චෝදනා මෙන්ම මෙයද දේශපාලන වාසි සඳහා පමණක් සිදුකරන්නක්. වසර ගණනාවක් තිස්සේ භාවිතා කරන ලද මෙවැනි චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ඒවා වන අතර සාධාරණත්වය වෙනුවෙන් කවදත් ප්‍රබල කීර්තියක් හිමිකරගත් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විශ්වාසනීයත්වය මෙමගින් දැඩිලෙස හෑල්ලු කරයි. මම ඇතුළු කිසිම අපේක්ෂකයෙකුට විශේෂ සැලකිල්ලක් දුන්නේ නැත” යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ වන විට කතානායකවරයා සම්බන්ධයෙන් රට තුළ මතුව ති ආන්දෝලනාත්මක තත්වය යටපත් කිරීමට කිසියම් පිරිසක් විසින් මෙලෙස තමාට චෝදනා කරන බවද නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Related posts

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

මැතිසබේ කියුම් කෙරුම් එසැනින් රටට පෙන්වන්න අළුත් රූපවාහිනී නාළිකාවක් !

colombotoday

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday

“හොරුන්ට හොරු කියනකොට තරහ යනව, මුන් හොරු තමයි” – ඇමති ඩිලාන් උඩ පැන පැන එජාපයට තලයි

colombotoday

තෙල් මිල සූත්තරෙන් පාසල් සේවා බස් ගාස්තුවත් නගී….

colombotoday

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday