Colombo Today Local News

කතානායක රකින්න 2/3ක් සූදානම්

කතානායක අශෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඒ ගැන දෙවතාවක් සිතා බැලිය යුතු යයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වැඩි බලයක් ඇති බවත් එවැන් අවස්ථාවක විපක්‍ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාස බංග යෝජනාවට අත්වන ඉරණම කුමක්දැයි නැවත සලකා බැලිය යුතු බවත් ඒ මහතා කියා සිටී.කතානායකවරයාට එල්ල වී ඇති චෝදනා ගැන ඔහු විසින් සිදුකරන ප්‍රකාශයත් සමඟ අවධානය යොමු කරන බවද පවසන ඒ මහතා විශ්වාස භංග යෝජනාවක් ගැන කතා කිරීමට උචිත කාලය මෙය නොවන බවත් සදහන් කරයි.

කෙසේ වෙතත් විපක්ෂය ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව සාර්ථකව මුහුණ දෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ලිඳුල නගර සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

බස්නාහිර පළාතේ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 714ක් අත්අඩංගුවේ

colombotoday

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද රැස්වෙයි

colombotoday

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

වරාය ගිවිසුම හදන අනුකමිටුවෙන් ඇමති චම්පික ඉවත් වෙයි !

colombotoday

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday