Colombo Today Local News

රිලවුන්ට වඳ සැත්කම් කරනවා-බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය

රිළවුන් බෝවීම පාලනය කිරීම සඳහා රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමේ පළමු නියමු ව්‍යාපෘතිය මාතලෙන් ආරම්භ කරන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක පැවැසීය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඔහු මේ බව කියා සිිටියේය.මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වැඩිදුරටත් කියා සිටියේ මෙම නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4.5 ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙන්කර තිබෙන බවය.

රිළවුන් වන්ධ්‍යාකරණය කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ සහාය ගන්නා බවත්, මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.උගුල් කූඩු යොදා අල්ලා ගනු ලබන රිළවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානට රැගෙන ගොස් වන්ධ්‍යාකරණය කර නැවත එම ප්‍රදේශයට ගෙනවිත් දැමීමට නියමිතය

.– අරුණ

Related posts

එන්නත් නොගත් අයට බස් ගාස්තු ඩබල්

colombotoday

කහ කිලෝ 1352ක් කිලිනොච්චියේදී අල්ලයි

colombotoday

මන්ත්‍රීවරුන්ගේ වාහන වලට පොලිසියෙන් අත් පිට මුදලට ඉන්ධන

colombotoday

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday

මත් කුඩු සමග කතක් අත්අඩංගුවට

Admin

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin