Colombo Today Local News

එන්නතක් නොමැතිව රෝගියෙකු මි-ය යයි

දියවැඩියාව, වකුගඩු රෝගය ,හා අධිරුධිර පීඩනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන රෝගින්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ලබාදෙන සෝඩියම් බයි කාබනේට් එන්නත නොමැතිවීමෙන් මාවනැල්ල රෝහලේ සැත්කමකට භාජනයවී සිටි රෝගියකු මියගොස් ඇත.

සෝඩියම් බයි කාබනේට් එන්නත රෝහලේ හිඟව පවතින අතර මෙම රෝගියාටද සැත්කම සිදු කිරීමේදී සෝඩියම් බයි කාබනේට් ලබාදීමට හැකියාව තිබුණේ නම් එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බව වෛද්‍යවරු පෙන්වා දෙති.

සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක් මේ වනවිට රෝහල්වල පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. එන්නත් හිඟය හේතුවෙන් දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන රෝගීන් සහ අවයව සැත්කම් සිදුකළ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරු අසීරුතාවට පත්ව සිටිති.

කෙසේ වුවද මෙම මරණය සම්බන්ධව සබරගමුව පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගරගෙන් විමසීමක් කිරීමේදී ඔහු ප්‍රකාශ කළේ මාවනැල්ල රෝහලේ එම අවස්ථාවේදි සෝඩියම් බයි කාබනේට් එන්නත් නොතිබූ බවයි.

රත්නපුර රෝහලේ තිබූ සෝඩියම් බයි කාබනේට් එන්නත් කිහිපයක් මාවනැල්ල රෝහලට ලබා දීමට කටයුතු කළ බවද සබරගමුව පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. අදාළ රෝගියාගේ මරණය සෝඩියම් බයි කාබනේට් නොමැතිවීම නිසාම සිදුවූවක් බව මෙතෙක් කිව නොහැකි බවද ඔහු කියා සිටියේය.

මාවනැල්ල රෝහලට සෝඩියම් බයි කාබනේට් කුප්පි විස්සක් (20) ප්‍රාදේශීය ඖෂධ ගබඩාවෙන් හා වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉල්ලා සිටියත් එය නොලැබුණු බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

සෝඩියම් බයි කාබනේට් එන්නත් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා සමාගමක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පත් යොමු කිරීමෙන් පසු වසර දෙකකින් අනතුරුව අනුමැතිය ලබාදී ඇත්තේ මීට මසකට පමණ පෙරය.

එම සමාගම මේ වනවිට එන්නත් නිෂ්පාදනය ආරම්භකර ඇති අතර වෛද්‍ය සැපයුම් අංශයට ඒවා කඩිනමින් ලබාදෙන බව පවසා ඇත.

සෝඩියම් බයි කාබනේට් හිඟය පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරියගෙන් කළ විමසීමකදි ප්‍රකාශ කළේ මාස තුනකට ප්‍රමාණවත් එන්නත් තොගයක් කොළඹ වරාය පැමිණ ඇති බවයි. සතියක් තුළ එම එන්නත් රෝහල්වලට නිකුත් කරන බවද ඔහු අවධාරණය කළේය.

aruna-

Related posts

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday

ගණිකාවන් වෙනුවෙන් වික්‍රමබාහු සටනේ (VIDEO)

colombotoday

සෝභිත හිමියන්ගේ ජාතික ශාසනික සේවාව ශ්‍රෙෂ්ඨයි, මානුෂීය මෙහෙවරේදී දුන් සහය අතිමහත්!

colombotoday

කෝටි 12ක රන් තොගයක් රේගුවේදී අල්ලයි

Admin

උද්ඝෝෂණ කරද්දී අපි දැනගත්තා ඕක වෙයි කියලා | සජිත්ට කොරෝනා හැදුන එක ගැන නාමල් කියයි

colombotoday