Colombo Today Local News

පොහොර සහනාධාර ගැන අලුත් කතාවක්

පළමු සී සෑම අවසන් කළ පසු පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කිරීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය.

මීට පෙර ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත පොහොර සහනාධාර මුදල් නිකුත් කෙරුණේ වගාව පිහිටුවා අවසන් වූ පසුවයි.වඩාත් කාර්යක්ෂම ලෙස ඔවුන් වෙත මුදල් ලබා දීමේ අරමුණින් නව තීරණයට එළඹි බව එහිදී පැවසීය.

මේ අතර දිස්ත්‍රික්ක 19ක ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සඳහා රුපියල් මිලියන 521.5ක් අද (13) දිනයේ මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.ගොවීන් 42125 දෙනෙකු සඳහා එම මුදල් ලබාදීමට නියමිතයි.

මේ වනවිට ගොවීන් 36587ට පොහොර සහනාධාර මුදලේ පළමු වාරිකය ගෙවා අවසන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

ශාසනාරක්ෂක සභාව පාර්ලිමේන්තුවට.. බුද්ධ ශාසන ඇමති හමුවී සාකච්ඡා (Video)

colombotoday

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

වරපලාන විහාරස්ථානයක හිමි නමකට ප්‍රහාරයක් – තුවාල ලබා රෝහල් ගත කරේ

colombotoday

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin

වත්තල කම්කරු නිවාස සංකීර්ණය හුදෙකලා කෙරේ

colombotoday

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

colombotoday