පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා දුම්රිය එන්ජින් රියදුරන් නිවාඩු ලබාගැනීම හේතුවෙන් අද (14) දිනයේ දුම්රිය රැසක් අවලංගු වීමේ අවධානමක් ඇතිබව දුම්රිය එන්ජින් රියදුරන්ගෙ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.
කොළඹ සහ මරදාන දුම්රිය ස්ථාන වලින් ආරම්භ වන දුම්රිය කිහිපයක් එලෙස අවලංගු වීමට නියමිතයිඒ අනුව කටුනායක ගුවන් තොටු පොළ දක්වා ඉන්ධන ප්රවාහන දුම්රිය දෙකක් හා පස්වරු 02.30 ට බෙලිඅත්ත දක්වා ධාවනය වන ගාලු කුමාරි දුම්රිය , මහව හංදිය දක්වා ධාවනය වන කාර්යලීය මගී ප්රවාහන දුම්රිය සහ පොල්ගහවෙල දක්වා ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගු වීමට නියමිත බව පැවසීය.