Colombo Today Local News

මහ මෝල්ලු වී හංගයි

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක් මතුවී ඇත්තේ මහා පරිමාණ මෝල්හිමියන් කිහිප දෙනකුගේ ක්‍රියාකලාපයන් නිසා යැයි ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
පාලන මිල ඉවත් කළොත් නාඩු සහල් වැඩි මිලට වෙළෙඳපොළට නිකුත්වනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.

පසුගිය යල හා මහ දෙකන්නයේ නාඩු වී වගා කිරීම සියයට 70කට එහා තිබූ බවත් එම වී තොග මහ මෝල්හිමියන් රුපියල් 80-90ත් අතර මිලකට ගොවීන්ගෙන් ලබාගෙන ගබඩා කරගෙන සිටින බවත් ඔහු කීය.

තමා දන්නා වී මෝල්හිමියකු සතුව වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 18ක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවද සහල් පාලන මිල ඉවත් වුවහොත් නාඩු සහල් වැඩි මිලට වෙළෙඳපොළට නිකුත් වනු ඇති බවද ඔහු කීය.

සෑම රජයක් පත්වූ විටම මහ වී මෝල්හිමියන් මෙවැනි හිඟයන් ඇතිකර පාලන මිල ඉවත් කර ගැනීමට කටයුතු කරන බවත් ඒ අයුරින්ම වර්තමාන රජය මගින් ද සහල් මිල පාලනය ඉවත් කර ගැනීමට ඔවුන් උත්සාහ දරන බවත් තෙන්නකෝන් මහතා පැවසීය.

Related posts

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday

පිටකොටුවේ පිටකොටුවේ ගින්නෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Admin

හිටපු ජනපතිගේ හමුදා අධි ආරක්ෂාව ඉවත් කරයි.. ඒ වෙනුවට පොලීසිය යොදවයි !

colombotoday

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

colombotoday

පළාත් සභා සීමාව ඉක්‌මවා යමින් විධායකය අහෝසි කළොත් රට ෆෙඩරල් වෙනවා

colombotoday