Uncategorized

ට්‍රම්ප් ද, කමල ද ඇමරිකානු ජනාධිපතිවරණය අදයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම අද (05) සිදු වනු ඇත.

මෙරට වේලාවෙන් අද පස්වරු 5ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනු ඇත.

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අද සිය අවසාන ප්‍රචාරණ කටයුතුවල නිරත වන බව විදෙස් වාර්තාවල සඳහන් විය.

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් ඇගේ අවධානය යොමු කර ඇත්තේ, පෙන්සිල්වේනියා ප්‍රන්තයටයි.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නෝත් කැරෝලීනා, පෙන්සිල්වේනියා සහ මිචිගන් ප්‍රාන්තවල සිය ප්‍රචාරණ කටයුතුවල නිරත වනු ඇත.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 186කට අධිකයි.

අමෙරිකානු මැතිවරණ නීතියට අනුව සිය මනාපය කළින් භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව හිමි වීම හේතුවෙන්, ඡන්ද දායකයින් මිලියන 78කට වැඩි පිරිසක් දැනටමත් සිය ඡන්දය පළ කර ඇතැයි එරට බලධාරීන් පැවසීය.

Related posts

ඇමති අකිලට ජනපතිවරණ වේදිකාවේදී සජිත්ගෙන් කනේ පාරක් !

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැති

colombotoday

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයේ

colombotoday

Fitness Tips – How much exercise you need to be healthy

colombotoday