Colombo Today Local News

අපි සල්ලි අච්චු ගැහුවේ නෑ

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැතිත් කිසිදු විදේශ ණයක් ලබා නොගත් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

“සාමාන්‍යෙයන් මහ බැංකුවේ ක්‍රම වේදයක් තියෙනවා භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කල් ඉකුත් වෙනකොට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන එක. ඒ ක්‍රියාවලිය හැමදාම සිද්ධ වෙන දෙයක්.

ඒ වගේම මුදල් අච්චු ගැසීම ගත්තොත් ඇත්තටම අලුතින් මුදල් අච්චු ගැසීමක් කරලා නැහැ, කරන්න බෑ ඒක පැහැදිළිව තියෙනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා.

අපිත් ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න හැබැයි තාම නම් එහෙම එකක් නිකුත් වෙලා නෑ. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්”

අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

colombotoday

ඉන්ධන පිරවුම්හලක සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 12000ක් – 11,016කට නඩු

colombotoday

සුදු හා රතු බිත්තර වලට වෙන් වෙන් වශයෙන් පාලන මිලක්

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin