Colombo Today Local News

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සජනපති යන්නේ නෑ

ඔක්තෝබර් මස 24 වැනි දා සිට 26 වන දක්වා සැමෝවාහි දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති අනුර දිසානායක මහතා සහභාගී නොවේ.

ඒ අනුව එම සමුළුව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය.

ඊට අනුමැතිය ඉල්ලමින් විදේශ අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා කැබිනට් හමුවේදී පැවසුවේ ආණ්ඩුවේ පවතින කටයුතු සහ ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් ජනාධිපතිවරයා හෝ කිසිදු අමාත්‍යවරයෙකු මෙම සමුළුවට සහභාගී නොවන බවය.

Related posts

මහ මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

colombotoday

රට බේරාදෙන්න ජිවිතේ දුන් “නීරෝ”ගේ අම්මා මහ මගට

colombotoday

දෙමළ සන්ධානයේ සහය අගමැති රනිල්ට…

colombotoday

දෙමටගොඩ ත්‍රස්තවාදීන් රැදී සිටි නිවසේ හිමිකරු යැයි ඇල්ලූ පුද්ගලයා රිෂාඩ් බදියුදීන් සමග…

colombotoday

අමෙරිකානු පුරවැසිකම අත්හැරීම: ලියකියැවිලි ප්‍රසිද්ධ කරන්න ගෝඨා සැරසෙයි

colombotoday

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday