Colombo Today Local News

අශේන් වෙනුවෙන් අලි සබ්‍රී පෙරට

ප්‍රසිද්ධ යූ ටියුබ් තරුවක් වන අශේන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ බව හිටපු අධිකරණ ඇමති අලි සබ්රී පවසයි.

අශේන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සදහා මැතිවරණ කොමිසම ඉදිරිපත් කර තිබෙන චෝදනාව “අභූත” චෝදනාවක් බව අලි සබ්රී පවසයි.

වගකිව යුතු පුද්ගලයෙකු විසින් නාම යෝජනා පත්‍රය භාර දී නැති බව චෝදනා කිරීමට පෙර, එකී නාම යෝජනා පත්‍රය භාර ගත් නිළධාරියා ඒ බව කලින් දැන නොසිටියේ දැයි අලි සබ්රී ප්‍රශ්න කරයි. වරද නිවැරදි කිරීමට අවස්ථාව නොදී, නාම යෝජනා පත්‍රය පිළිගෙන පසුව එය අවලංගු කිරීම මැතිවරණ නිළධාරියෙකුගේ මහජන යුත-ුකම දැයි නීතීඥ අලි සබ්රී මහතා ප්‍රශ්න කරයි.

“නාම යෝජනා පත්‍රය නිසි ලෙස සකස් කර තිබේ නම් සහ අපේක්ෂකයන්ගේ නම් සහ අත්සන් එහි නිවැරදිව තිබේනම්, එම නාමයෝජනා පත්‍ර භාර දුන්නේ කවුරුන්ද යන පදනම මත එය ප්‍රතික්ෂේප කිරීම යුක්ති සහගතද..?” අලි සබ්රී මහතා ප්‍රශ්න කරයි.

Related posts

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday

කොළඹට එන දුර ගමන් සේවා බස් රථ යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර

colombotoday

බේරුවල කුඩු ජාවාරම්කරුගේ සේවකයන් 5 ක් පලා ගිහින්

colombotoday

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday

කොකේන් ගිල ආ කෙන්යානුවෙක් කටුනායකදී මාට්ටු

colombotoday