Colombo Today Local News

පෙට්‍රල් මිල රු.21කින් අඩු කෙරේ

ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර ඇත්තේ. ඒ අනුව එම ඉන්ධන ලීටරයක මිල රුපියල් 377ක් වශයෙන් නොවෙනස්ව පවතී.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 283ක් වේ.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 319කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 183කි.

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමාන වන පරිදි තම ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද දැනුම් දී ඇත.

Related posts

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday

මුතුරාජවෙල කුණු කන්දේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වයි… කඩොලාන පරිසරයට හානියක් නෑ !

colombotoday

අත්තනගල්ල ප්‍රා. සභාවෙන් මිනී පෙට්ටි. ආදාහනයත් නොමිලේ

colombotoday

විශ්වාසභංග විවාදය පැය 12 ක්

colombotoday

ප්‍රාදේශීය සභා අපේක්ෂකයා කසිප්පු පෙරමින් සිටියදී පොලිසියට මාට්ටු

colombotoday

විග්නේෂ්වරන්ගේ ජාතිවාදී වියරුවට එරෙහිව, බොදු බලේ 30 වව්නියාවට

colombotoday