Colombo Today Local News

තැපැල් ඡන්දේ එනවා පඩි වැඩි කරලා තියෙන්නේ

ඉදිරි සතියේදී තැපැල් ජන්ද විමසීම සිදුකිරීමට නියමිත අතර රාජ්‍ය සේවයේ විශාල පිරිසක් තැපැල් ජන්දය භාවිතා කිරීමට නියමිත බවත් එම තැපැල් ජන්ද විමසීම එළඹීමත් සමඟ රජය ඓතිහාසික තීන්දුවක් ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ අනුව රු.25000කින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබෙන බවයි සේනාරත්න මහතා කියාසිටියේ.

එමෙන්ම මූලික වැටුප දෙගුණ කිරීමටත් රජය තීන්දුවක් ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඉතා හොද වැටුප් වර්ධකයක් ලැබී තිබෙන අතර මෙලෙස රට ගොඩ ඒවී යැයි තමන්ද සිතුවේ නැති බවයි සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Related posts

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Admin

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin

ශ්‍රී ලංකාවට ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සැකසීම NGO ඒජන්තයෙක් අතට !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වේ

colombotoday

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයි

Admin