ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගියා.
38 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු මෙසේ මිය ගොස් තිබෙනවා.
මාළු මිලදී ගැනීමට පැමිණි තවත් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්වුණා.
ඔවුන් ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට ඇතුලත් කෙරුණා.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අහංගම ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයකදී පසුගිය අගෝස්තු 4 වනදා වෙඩි තබා ඝාතනය කළ අයගේ සහෝදරයා බවයි පොලිසිය සඳහන් කළේ.