කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සමගි ජන බලවේග වේදිකාවට මහනුවරදී ඊයේ ගොඩවිය.
ඒ අනුව ඇය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සදහා සහාය දැක්වීමට නියමිතය.
මින් පෙර ඇය පොදු ජන පෙරමුණේන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය දැක්වීමට පැමිණියත්,පසුකාලීනව සංධානය නිර්මාණය කිරීමේදී සිදු වූ සිත් තැවුල් මත ගීතා කුමාරසිංහ මහත්මිය රනිල් වික්‍රමසිංහ මහාතට සහය දක්වන කණ්ඩායමෙන් ඉවත් වී මෙසේ සජිත් ප්‍රේමදාස මහතාගේ පිළට එකතු වීමට තීරණය කල බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.