ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයෙන් ඉවත් කළ මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලය වෙත පරිත්‍යාග කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රීක ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය කරන ලද ඉල්ලීමකට අනුව එම ප්‍රහාරක යානාව ලබාදුන් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.
ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණයේ ප්‍රායෝගික තාක්ෂණික කොටස් ආවරණය වෙනුවෙන් අදාළ පරිත්‍යාගය සිදුකර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණික ශීල්පීය දැනුම හුවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමකට ද මෙහිදි අත්සන් තැබු බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.