Colombo Today Local News

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි මස 03 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද (21)දින නියම කලේය.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් ඔවුහු රිමාන්ඩ් බාරයේ සිටිති.

ශානි අබේසේකර,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එච්.ඩි.නවරත්න ප්‍රෙමතිලක යන සැකකරුවන් තිදෙනාව මෙසේ නැවත රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.

මෙම නඩුවේ 04 වන සැකකරු වන එච්.ඩී නවරත්න ප්‍රේමතිලක යන අයගෙන් මහර බන්ධනාගාරය තුළ දී ප්‍රකාශයක් ලබා ගත් බව පැමිණිල්ල මෙහෙයවමින් කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල් ප්‍රදීප් කුමාර (76309) නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

සැකකරුවන් තිදෙනා වෙනුවෙන් කිසිදු නීතිඥ සහායක් නොවිය.

Related posts

නව අගමැති මහින්ද, දිවුරුම් දුන් හැටි මෙන්න…

colombotoday

රිය අනතුරකින් අවුරුදු 7ක දැරියක් මිය යයි

Admin

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

පයාගල පොලීසිය තුලදී සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කරයි

Admin

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday