Colombo Today Local News

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22)දින දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරු 10.00 ට රැස්විය.

Related posts

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිස්සි නීතිය යටතේවත් රජයට පවරාගන්නා බෑ. හිස්බුල්ලා කියයි

colombotoday

උතුරු නැගෙනහිර සෑම විහාරස්ථානයකටම හමුදා ආරක්ෂාව

colombotoday

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සමන්ති ජයමාන්න කොමසාරි මණ්ඩල තීරණ කුණු කූඩයට දමයි

colombotoday

ඉන්දීය රුපියල ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ප්‍රමාදයි

Admin