Colombo Today Local News

ගස් හිටවන්න බෑ… අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි බදියුදීන් ඉල්ලයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළේය.

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව පිහිටි කල්ලාරු රක්ෂිත කැළෑ ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කෙරුණු නඩුවකදී අභියාචනාධිකරණය විසින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නිකුත් කර තිබෙන නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින් එම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කල්ලාරු හා මරිච්චුකට්ටි වනාන්තර එළිපෙහෙළි කොට අනවසර ඉදිකිරීම් ගොඩනැගීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ එවක අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය අදාළ වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් එම ප්‍රදේශයේ යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

එම ගස් සිටුවීමේ වැඩපිළිවෙළ සඳහා දැරීමට සිදුවන වියදම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ගෙවිය යුතු බවටද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වී තිබුණි.

එම අභියාචනාධිකරණ නියෝගය නීතියට පටහැනි බවත් තමන්ට එරෙහිව සිදුකර තිබෙන අදාළ නියෝග බලරහිත කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

පැය 24ක පොලිස් විශේෂ මෙහෙයුම්වලදී 2,121ක් අත්අඩංගුවේ

Admin

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

colombotoday

කුඩු බිස්නස්, වනසංහාර නවත්වනවානම් බදුර්දීන්ට කෝටි 100ක් දෙන්න සංඝ සම්මේලනය සූදානම් – ආනන්දසාගර හිමි

colombotoday

ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් අවසන්

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday

පුන්නක්කු මිලත් නගී.. කිරි දෙනුන් සීරුවෙන්.. කිරි ගොවීන් අවුලෙන් !

colombotoday