Covid 19

මෙරටින් හදුනා ගත් ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනේම ප්‍රමුඛත්වය කොළඹින්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවී ඇත.

මෙවර විශ්ලේෂණ පර්යේෂණය සඳහා සාම්පල 88ක් භාවිත කර ඇති අතර ඉන් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බවට හඳුනාගැණුනු බව චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

“ශ්‍රී ලංකාව තුළ එම විකෘතිතා 3ම සහිත රෝගීන් හඳුනාගෙන තිබේ. කොළඹ නගරය තුළ මේ විකෘතිතා 3ම ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා”.

A 701S නම් ජාන විකෘතිය වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණි.

A 222V විකෘතිය ලොව විවිධ රටවලින් හමුවී තිබෙන අතර එහි පැතිරීම බෝවීමේ හැකියාව වේගවත්ය.

A 1078S නම් විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සහ මැලේසියාවෙන් පමණයි.

Related posts

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday

ලබන වසරේ කොවිඩ් එන්නත ගෙන ඒමට පියවර

colombotoday

කොරෝනා ආසාදිත ගණන ඉහළට

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට.

colombotoday