Colombo Today Local News

වායු රයිෆලයක් හා පතරොම් 129 ක් සමග හාලිඇල පාසලකට අනවසරෙන් ඇතුළුවූ 4ක් අත්අඩංගුවට

හාලිඇල ප්‍රදේශයේ විද්‍යාලයක දරු දැරියන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක් පවත්වන බව පවසමින් අනවසර වැඩමුළුවක් පැවැත්වීමට පැමිණි සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී ගමන් කථන 03 ක් සහ වායු රයිෆලයක් හා ඒ සඳහා භාවිත කරනු ලබන පතරොම් 129 ක් සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළය.

මෙම මනෝවිද්‍යාත්මක වැඩසටහන පැවැත්වීමට පැමිණි උපදේශකවරයා කළු පැහැති ඇඳුමින් සැරසී පුද්ගලික ආරක්ෂකයින් පිරිසක් සමග පැමිණ ඇති බවටත්, ඔවුන් ගමන් කථන සහ ගිනි අවියක් තබාගෙන සිටින බවටත් හාලිඇල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පසුව පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම වැඩසටහන කිරීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලබා ගෙන නොමැති බවයි.

එමෙන්ම මෙම වැඩසටහන මෙහෙය වන උපදේශකවරයා කිසිඳු ලියාපදිංචි ආයතනයක හෝ එවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා සුදුසුකම් ලද්දකු නොවන බව හෙළි වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් 04 දෙනා අද (2) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාසල් ළමුන් පිළිබඳ කටයුතු කිරීමේදී නොදන්නා පුද්ගලයින් මෙන්ම නොගැළපෙන ආකාරයේ පුද්ගලයින් පාසල් තුළට කැඳවා ගැනීමෙන් වළකින්නැයි, පොලීසිය නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.

Related posts

දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

colombotoday

බැදුම්කර දුරකථන ඇමතුම් ගැන අහද්දී සුජීවට යකා නගී.. නාමල් සමග සැරටම පැටලෙයි (Video)

colombotoday

බැදුම්කර කොමිසමේ සාමාජිකයෙක්, බාල බීම විකුණා අසුවූ සමාගමක අධ්‍යක්ෂක තනතුරක් දැරූ අයෙක් !

colombotoday

මීටර් නැති ත්‍රීරෝද අල්ලන්න පොලිසිය සීරුවෙන්… මීටර් නීතිය පිළිපදින්නෑ.. ත්‍රීරෝද සංගමය කියයි

colombotoday

ඇමෙරිකාවේ නව ජනපතිට සහ උප ජනපතිට අගමැතිගෙන් සුබපැතුම්

colombotoday

“ජිනීවා සමුළුවට ඉදිරිපත්කල වාර්තාව මෙරට NGO උවමනාවට හැදූ එකක්“ – අධිකරණ ඇමති

colombotoday