Colombo Today Local News

මැතිවරණ වේදිකාවේ පට්ට ගැසූ රවී කරුණානායකට විශිෂ්ට ජයක් – කොට්ඨාශ 9ම දිනයි – මන්ත්‍රීවරු 17ක් තේරී පත් වේ

මැතිවරණ වේදිකාවේ දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්වූ හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ උතුරු කොළඹ ආසනයෙන් එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබී තිබෙන බව වාර්තා වෙනවා. එජාපය කොට්ඨාශ නාමයෙන් නමයම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති අතර, උතුරු කොළඹ ආසනයෙන් එජාපය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 17ක් කොළඹ නගර සභාවට තේරී පත් වී තිබෙනවා.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් එල්ලවූ චෝදනා හේතුවෙන් තමන් දරු අමාත්‍ය දුරයෙන් ඉල්ලා අස් වීමට රවී කරුණානායක මහතා මීට මාස කිහිපයකට ඉහතදී පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් බැඳුම්කර ගනුදෙනුවට තමන් සම්බන්ද බවට එල්ලවූ චෝදනා සත්‍ය නොවන බවත් මහ බැංකුව සහ රාජ්‍ය බැංකු තමන් යටතේ නොතිබුණු බවත් හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

Related posts

තුර්කියේ භූ කම්පනයට හසු වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරක් නෑ

Admin

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

colombotoday

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලයට පොදු රාජ්‍ය මණ්ඩල සහය

Admin

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin