Colombo Today Local News

අතුරුදන්වූවන්ගේ පනත නවත්තන්න අපටත් දෙයක් කරන්න බැරිවුණා.. කණගාටුයි – ඒකාබද්ධ විපක්ෂය

JO keheliya 02

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට අධිකරණය වෙත යෑමට නොහැකිවීම සම්බන්ධයෙන් රටේ සියලුම ජනතාවට සිය කනගාටුව ප්‍රකාශ කරන බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සිදුවූ වරද නිවැරදි කරගැනීම සදහා අදාළ කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය අපේක්ෂාවෙන් සිටියද ඊට ප්‍රමාණවත් කාලයක් නොලැබීම නිසා එය මගහැරී ගිය බවද මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ වෙතත් මෙම පනත ගෙන ඒමට ජාත්‍යන්තරයෙන් බලපෑමක් නොවූ බවත්, එවැන්නක් ගෙන ඒමට වත්මන් රජයෙන් ජාත්‍යන්තරයට බලපෑමක් එල්ලවූ බවත්, යුද්ධයෙන් පසු එල්ලවන චෝදනාවලට රජයක් ලෙස තනිව පිළිතුරු සෙවීමට නොහැකි නිසා අපට උදව් කරන්නැයි රජය විසින් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එය හැදින්විය හැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

සිදුවූ වරද නිවැරදි කරගැනීම සඳහා අදාළ කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී සංශෝධන ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය අපේක්ෂාවෙන් සිටි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එහෙත් ප‍්‍රමාණවත් කාලයක් නොලැබීම නිසා එය ද මගහැරී ගිය බවයි කෙහෙළිය රඹුක්වැල්ල මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

තම රටේ සිදුවූ දේවල් ගැන සෙවීමට නොහැකි කාලකන්නිකමක් ලෙස මෙය සැලකිය හැකි බවද හෙතෙම පෙන්වාදුන්නේය

Related posts

දුලිප් වෙදරච්චි කළු සාටකයක් පැළඳ මැතිසබයට එයි

Admin

පොලිස් අධිකාරිවරුන් 5ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට.

Admin

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

ජවිපෙ නායකයා අයර්ලන්තයේ සුපිරි සවාරියක.. කොටි හිතවතෙකුගේ සැප හෝටලේ නවාතැන්

colombotoday

ලංකාවේ උපන් අංජලී ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් නගර සභාව ජයගනී

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday