බෙන්තොට ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයකු වන රෝහණ ශ්රී ධර්මරත්න මහතා කොවිඩ් -19 ආසාදනය වීමෙන් මියගොස් තිබේ.
ප්රසිද්ධ සමාජ සේවකයකු වූ බෙන්තොට බෝපේ ප්රදේශයේ පදිංචිව සිටි ඔහු මිය යන විට 65 වැනි වියේ පසුවිය.
ඔහු 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් බෙන්තර ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු ලෙස මිය යන තෙක්ම වසර තුනකට වැඩි කාලයක් කටයුතු කර තිබේ.
දේහය පිළිබද අවසන් කටයුතු අද බෙන්තොටදී සිදු කිරීමට නියමිතය.