Colombo Today Local News

“මෙවර මහ කන්නයට රසායනික නැ”

මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ ගොවීන්ට පමණකැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හරිත කෘෂිකර්මාන්තය ආරම්භ කරන්නේ වී ගොවිතැන සඳහා යැයි ද පොහොර සහනාධාර දෙනු ලබන්නේ කාබනික කෘෂිකර්මාන්තය සදහා යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

හරිත කෘෂිකර්මාන්තයට නැඹුරු වන ගොවීන්ට ඊට අවශ්‍ය පහසුකම් දෙනවා. රසායනික පොහොර මිලදී ගෙන අනෙක් ගෙවීන්ට වගා කටයුතු කළ හැකියි.
සාමාන්‍යයෙන් පොහොර ආනයනය කරන්න මාස 02 ක් වත් කල් යනවා. ඒ නිසා මෙවර මහ කන්නයට රසායනික පොහොර ගෙන්වන්න විදිහක් නෑ. ඊළඟයල කන්නයට තමයි පොහොර ගෙවන්න වෙන්නේ එළවළුවලට අවශ්‍ය පළිබෝධනාශක තිබෙනවා.අපි කරන වැඩ සටහනේ හොඳ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ .මාධ්‍ය මෙහි හොඳ පැත්ත කතා කළේ නැහැ. ඒ ගැන කණගාටු වෙනවා.රසායනික පොහොර භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය ගැටලු සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිවක් සොයා බලා නැහැ.වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා හා කළ සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳ නිසි විමර්ශනයක් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට හැකි වුණා . එම කාර්ය සාධක බලකාය මගින් රසායනික පොහොර භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යයට සිදුවන හානිය සම්බන්ධව සොයා බැලීමට නියමිතයි.

මහනුවර ගන්නෝරුවේ පැවැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පර්යේෂණ සැසිය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

Related posts

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ. – නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සිදුකල වංචා සහ දුෂණ

colombotoday

ගිරිබාව රෝහල තාවකාලිකව වසා දමයි

colombotoday

සතියකින් ලොහාන් රත්වත්ත හිරේ නොදැම්මොත් පොලිස්පතිට නඩු

colombotoday

ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතයි

Admin

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin