Colombo Today Local News

facebook පෙමක පැටලනු කන්තලේ තරුණියක් අභිරහස් ලෙස මියයයි

බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිබී සැකසහිත ලෙස මියගිය තරුණියකගේ සිරුරක් ඊයේ (20)දින සොයගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.

මුල්පනාන, කන්තලේ පදිංචිව සිටි හේරත් මුදියන්සේගේ දුෂානි ප්‍රියන්කා නමැති අවිවාහක තරුණියක මෙලෙස මියගොස් ඇත. බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු සමග ඇය මුහුණු පොත මගින් ප්‍රේම සබඳතාවක් ඇතිකර ගෙන තිබේ.

මීට දින 12කට පෙර ඇය බලන්ගොඩ පදිංචි අදාළ තරුණයා සමග ඔහුගේ නිවසේ ජීවත්ව සිට ඇති නමුත්, ඒ වනවිටත් ඔවුන් දෙදෙනා විවාහවී සිට නොමැත.

පෙරේදා (19 වැනිදා) රාත්‍රියේ එම තරුණයා නිවසේ සිට නොමැති අතර, ඔහුගේ මව එම තරුණියට රාත්‍රි ආහාර ගැනීමට කතාකර ඇතත්, ඇය සිටි කාමරය වසා තිබී ඇත.

පසුව එම තරුණයාගේ සහෝදරයා ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව අදාළ කාමරයේ දොරගුළු කඩා තිබේ. එවිට ඇය කඹයකින් එල්ලී සිටිනු දුටු බවත් ඇය බේරාගැනීම සඳහා කඹය කපා ඉවත් කළ බවත් තරුණයාගේ මව පොලිසියට පවසා ඇත.

නමුත්, සිරුර පරික්ෂා කිරීමේදී බෙල්ලේ කඹයක්⁣ නොතිබුණ බව පොලිසිය පැවැසීය. බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී.එම්. චන්ද්‍රසේන විසින් ඒ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර, බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චතුරංග විසින් අධිකරණ වෛද්‍ය පරික්ෂණය පවත්වා ඇත.

රත්නපුර අපරාධ පරික්ෂණ කොට්ඨාසයේ නිලධාරින් විසින් ස්ථානීය පරික්ෂණය සිදු කළ අතර,පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (20)දින බලන්ගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Related posts

මල් මල් ගමනක් ගිය සිරිකොතේ පදයට රඟා, සීඅයිඩියේ බානක් ජාතික ආරක්‍ෂාව විනාශ කළ හැටි.

colombotoday

මහින්දගේ නායකත්වයෙන් පුළුල් පෙරමුණක්.. ඒකාබද්ධ විපක්ෂය සටනට සැරසෙයි

colombotoday

ආණ්ඩුවට මෙතරම් බලය දීලා තියෙන්නේ ජනතාවගේ මනස විකෘති නිසා

colombotoday

මෛත්‍රීට දුන්නේ රනිල්ගේ ජනාධිපති ධූරයයි.. තව අවුරුදු විස්සක් අපි ආණ්ඩු කරනවා

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බූස්ස කඳවුරට !

colombotoday

ඉන්දීය විදේශ ලේකම් අගමැති මහින්ද හමුවෙයි

colombotoday