Colombo Today Local News

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම් අදින් අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් අද (05) දිනයේදීත් සලකා බැලීමට නියමිතය.

පෙත්සම් සලකා බලන සිව්වන දිනය අද වන අතර අද දිනයෙන් පෙත්සම් සලකා බැලීම් අවසන් කෙරෙන බව වාර්තා වේ.

හෙට (06) දිනයේ දි මීට අදාළ ලිඛීත දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනුකර තිබුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම පසුගිය බදාදා ආරම්භ කෙරුණි.

ඒ අනුව අද දිනයේ දි නීතිපතිවරයා විසින් තවදුරටත් කරුණු දැක්වීමට නියමිතය.

Related posts

රාජිත සෙනරත්න රෝහල් ගත කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ගනි.

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

colombotoday

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාවේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවී නෑ – ජවිපෙ

colombotoday

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

colombotoday