ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් පැවැත්වීමට නියමිත ධර්ම දේශනාවක් අත්හිටුවන ලෙස ඉල්ලමින් මුස්ලිම් ජාතිකයන් 10 දෙනෙකු කුලියාපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ලබන අගෝස්තු 10 වනදා කුලියාපිටිය විහාරස්ථානයකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණාසාර හිමියන් විසින් තෙසැත්තෑඥාණ පූජාවක් හා බුද්ධානුස්සති භාවනාමය වැඩසටහනක් පැවැත්වීමට සංවිධානය කර ඇත.
එම වැඩසටහන නිසා විහාරස්ථානය ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියට ගැටළුවක් ඇති වන බවට සදහන් කරමිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ. අදාළ ආගමික වැඩසටහන අත්හිටුවීමට කටයුතු කරන ලෙසත්, මුස්ලිම් පල්ලියට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනව බවට වාර්තා වනවා.