Colombo Today Local News

හිජාස් හිස්බුල්ලාගේ ඇප සළකා බැලිම සම්බන්ධයෙන් නීතීපතිගෙන් ප්‍රකාශයක්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි අවසන් වීමෙන් පසු ඔහුගේ ඇප සම්බන්ධ සලකා බැලීම සිදුකළ හැකි යැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයේදී අද (20)දින ප්‍රකාශ කළේය.

තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් අද (20)දින සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශණ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුව මේ මස 28 දින අවසන් වන බැවින් ඉන් අනතුරුව ඔහුගේ ඇප සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ය.

Related posts

සෞඛ්‍ය ලේකම්කමට හොදම සුදුස්සා වෛද්‍ය පාදෙණියයි… GMOA යෝජනා කරයි

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday

නාමල් කුමාරට ආරක්ෂාව සලසන්න – උසාවියෙන් සීඅයිඩියට නියෝග

colombotoday

“මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මහින්ද රාජපක්ෂට වඩා දරුණු කෙනෙක්“ – සමනලීගේ පශ්චාත්තාපය

colombotoday