2020 මැතිවරණය පවත්වන දිනය මේ සතිය තුළදි නිවේදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ අද (08)දින පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
මනාප අංක පිළිබඳ ගැසට් පත්‍රය හෙට (09) නිකුත් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ ප්‍රචාරණ සම්බන්ධ උපදේශන ගැසට් පත්‍රයක් මගින් බලාත්මක කරන ලෙසට සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බවද ඔහු පැවසීය.