Colombo Today Local News

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

අඩුආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කළ යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩුව අසීරු තත්වයකට පත්ව සිටීම නිසා ජනතාව ද අමාරු තත්වයට පත්ව සිටින බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කූපන් ක්‍රමයක් ආරම්භ කරන ලෙස රජයට යෝජනා කරන බව සඳහන් කළේය.

ඉන්ධන ද කූපන් ක්‍රමයක් අනුව සලාක ක්‍රමයකට නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් එමගින් ඉන්ධන පරිභෝජනය අඩුකරගත හැකි බවත් අමාත්‍යවරයා කීය.

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

Related posts

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

colombotoday

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Admin

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

colombotoday

රිෂාඩ් බදියුදීන්ට මල්වතු අස්ගිරි මහා විහාරවල දොර වැසේ !

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

Admin