Colombo Today Local News

20 අද පාර්ලිමේන්තුවට

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට අද (22)දින ඉදිරිපත් කෙරෙනවා. ආණ්ඩුව ප‍්‍රකාශ කලේ මැතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දුව අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවයි.

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමටම නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කෙරුණු අතර කැබිනට් අනුමැතිය ඊට හිමිවීමත් සමග එය ගැසට් මඟින් ප‍්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව පාර්ලිමේන්තුවේදී අද සිදුවන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ පළමු වර කියවීමයි.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බවයි. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝග කිරීමටයි.

එලෙස අභියෝග නොකරන්නේ නම් 20 වන සංශෝධනය දින 7 කට පසු පාර්ලිමේන්තුවේදී 2 වන වර කියවීමේ විවාදයට ගත හැකි වනවා.

එහෙත් කිසියම් පාර්ශ්වක් අදාල කාලය තුල 20 වන සංශෝධනය අභියෝගයට ලක් කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතුයි.

අදාළ කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි වන්නේ නැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ලබා දීමෙන් පසු, 20 වන සංශෝධනය 2 වන වර කියවීමේ විවාදය සඳහා ගත හැකි වන අතර එහිදී එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුයි. ඉන්පසු 03 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී 20 වන සංශෝධන පනතේ සියලූම වගන්ති එකින් එක සලකා බැලෙනු ඇති. එහිදී 20 වන සංශෝධන කෙටුම්පතට ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමටද අවස්ථාව පවතිනවා.

පනත් කෙටුම්පතේ 03 වන වර කියවීමේ විවාදය අවසානයේ ද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී ද එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු වනවා. ඉන් අනතුරුව කථානායකවරයා අදාළ පනතට අත්සන් තැබූ පසු එය පිළිගත් නීතියක් බවට පත්වනවා.

Related posts

වලිකාමම් අධි ආරක්‍ෂිතයෙන් අක්කර 700ක් නිදහස් කරයි

colombotoday

මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

colombotoday

තොණ්ඩමන් ආණ්ඩුවට…

colombotoday

ඡන්දෙ කල් දාල නැහැ.. කල් දාන්න ඡන්දයක් නැහැ.(video)

Admin

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

colombotoday

රතිඤ්ඤා කරල අතේ පුපුරා දරුවෙකු රෝහලේ

Admin