Colombo Today Local News

20න් රට ආපස්සට යන්න දෙන්න බෑ.. ඡන්ද විමසීමේදී තීන්දුවක් ගන්නවා – ඇමති විදුර

විසිවන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තමන් තීරණයක් ගන්නේ හෘදසාක්ෂියට අනුව බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

විසි වන සංශෝධනය මගින් සිදුවන්නේ 18 වන සංශෝධනය පැවැති තැනට ආපසු යන්න නම් එය සිදු නොවිය යුත්තක් බව ද ඔහු පැවසීය.

ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයේ ඇතැම් වගන්ති හොඳ ඒවා බවත් ඇතැම් වගන්ති නරක බවත් පැවසූ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ඒ සඳහා වන ඡන්ද විමසීමේ දී තීන්දුවක් ගන්නා බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් තීන්දු ගන්නේ තම පවුලේ හෝ වෙන කිසිවකුගේ වුවමනා මත නොව ව්‍යවස්ථාව මත යැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙරට ජනතාව ඉල්ලා සිටියේ අලුත් ව්‍යවස්ථාවක් මිස පැලැස්තර නොවන බවත් පැලැස්තරවලට තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.

Related posts

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්

colombotoday

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday

නාඩු,සම්බා,කීරි සම්බා මිල යළි ඉහළට

Admin

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ පරාදයි – රතන හිමි අගමැතිට එරෙහි වෙයි

colombotoday

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලරය සතියේ දින 5ම විවෘතයි

colombotoday