Colombo Today Local News

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

ජනතා විමුක්ති පෙරමුණ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී (22) පැවැත්වීමට නියමිතය.

විධායක ජනාධිපති ධූරය සඳහා සකස් කළ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය.

මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණු පාර්ශ්වයෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරු සහභාගී වෙති. 

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මීට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නායකයන් සමඟ ද ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡාවක නිරත විය. 

Related posts

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

‍රාජ්‍ය පරිපාලන ඇමතිට මහාචාර්ය කියන්න එපාලු

Admin

පාස්කු ඉරිදා ටාජ් බෝම්බකරුගේ හැඳුනුම්පත් අංකය අතුරුදහන්?

Admin

නාඩු කියා ආනයනය කර ඇත්තේ බාස්මතී-කෝටි ගාණක වංචාවක්?

Admin

නොරොච්චෝල බලාගාර සේවයකු මහුදට වැටි අතුරුදන්

colombotoday

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin