Colombo Today Local News

අනීතික වැට් බදු අත්හිටුවූ අතුරු තහනම් නියෝගය ආණ්ඩුවේ ජනතාද්‍රෝහී භාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක්

wimal w55

නීතිවිරෝධි ලෙස මේ රටේ ජනතාවගේ මුදල් ගසා කා, ඇමතිවරු 92කට සැප විඳීමට රථ වාහන ගෙන්වීමට ඒ මුදල් යෙද වූ මෙම ආණ්ඩුවේ අවභාවිතයට එරෙහිව ලබාදුන් ඓතිහාසික තීන්දුවක් ලෙස ඊයේ(11) දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් වැට් බදු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගය හැඳින්වීමට හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (11) දින අනීතික ලෙස වැඩිකළ බදු ප්‍රතිශත හා බදු පරාසයන් අය කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

වැට් බදු ප්‍රතිශතය වැඩි කිරීමට සහ වැට් බදු බලපාන පරාසය පුළුල් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ පියවර නීත්‍යනුකූල නොවන බව අපි දුටුවා. ඒ නිසා, පාර්ලිමේන්තුවේ ඊට අදාළ පනත් සංශෝධනය නොකර එසේ බදු වැඩිකර, බලපාන පරාසය පුළුල්කර රටවැසියාගෙන් අය කිරීම නීති විරෝධී බව පවසමින් අප මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පෙත්සම් විශේෂයෙන් අද විභාගයට ගැනුණේ, මේ නඩුව අසා නිමවනතුරු මේ නීතිවිරෝධි බදු අය කිරීම් අත්හිටුවීමට අතුරු තහනම් නියෝගයක් ලබා දෙනවාද නැද්ද, යන්න තීරණය කිරීමටයි.

අපගේ නීතිඥ මහත්වරුන් අද දින මැනවින් මෙහි පවතින නීතිවිරෝධී බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙන්වා දුන්නා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඔවුන්ගේ පැත්තෙන් ප්‍රබලව තර්ක මතු කිරීමට නොහැකි වුණා. ඒ අනුව අගවිනිසුරුතුමන් ප්‍රමුඛ ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ මොහොතේ සිට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ මීට අදාළ දැන්වීම් පත්‍ර තුනක ක්‍රියාකාරීත්වය අත්හිටුවූවා. ඒ වගේම මේ නඩුව අසා නිමවනතුරු හෝ බදු වැඩිකිරීමට අදාළ සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මතකර ගන්නා තුරු හෝ මෙම අය කිරිම් වහාම අතිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කරනු ලැබුවා.

නීතිවිරෝධී ලෙස මේ රටේ ජනතාවගේ මුදල් ගසාකාලා, ඇමතිවරු 92කට සැප විඳින්න රථ වාහන ගෙන්වන්න ඒ මුදල් පාවිච්චි කරන මේ ආණ්ඩුවේ ඒ භාවිතාවට එරෙහිව දෙන ලද ඓතිහාසික තීන්දුවක් ලෙස අපි මේ අතුරු තහනම් නියෝගය දකිනවා. මෙමගින් අධික ලෙස පනවන ලද මේ බදු ප්‍රමාණය අය කිරීමත්, එය බලපාන පරාසය පුළුල් කිරීමත් සම්පූර්ණයෙන්ම නතර කෙරෙනවා, අත්හිටුවෙනවා. මේක මේ රටේ පාරිභෝගික ජනතාව ඇතුළු සෑම අංශයකම පීඩාවට පත් වූ ජනතාව ලත් විශාල ජයග්‍රහණයක්. සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, දුරකථන සන්නිවේදන ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවකට මේ අධික බදු පැනවීම් සිදු කොට තිබුණා.
ශ්‍රේෂ්ඨාධිකරණය දෙපාර්ශ්වයේම කරුණු ඉතාමත් හොඳින් විමසා බැලුවා. ඇත්තෙන්ම කළු – සුදු සේ පෙනෙන තර්කයක් මෙතැන තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අදාළ පනත් කෙටුම්පතේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා, බදු වැඩි කරනවා නම් සහ බදු අය කරන පරාසය වැඩි කරනවානම් එය කළ යුත්තේ කෙසේද? කියා. ඒ නිසා මෙතැනදි ආණ්ඩුවේ පාර්ශ්වයන්ට ප්‍රබල ප්‍රතිතර්කයක් ගොඩ නැගීමට නොහැකි වුණා. ඒ නිසා මෙතැනදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා දියෙන් කිරි වෙන් කරනවා වගේ ඉතාමත් නිවැරදි සාධාරණ තීන්දුවක් ලබා දුන්නා

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Related posts

කොරෝනා වෛරසයට ප්‍රතිශක්තීකරණය ලබාදෙන ඖෂධ 10කට සූත්‍ර කමිටුවේ අනුමැතිය.

colombotoday

“මට වැරදුණා.. මෛත්‍රීටත් වැරදුණා” – 2015 ගෙදර යන්න වුණ හේතුව මහින්ද කියයි

colombotoday

අපේ ජනාධිපතිතුමා මිලියන බිලියන ට්‍රිලියන අඳුරන්නේ නැ. නවකතාකාරයෙක් වුණා නම් මීට වඩා හොඳයි. – හිටපු ජනපති

colombotoday

චීනෙට දෙන්න ඉඩම් හම්බන්තොට නෑ.. වරාය දෙන වැඩෙත් වැට උඩ !

colombotoday

නඩු 600කට වඩා ඇති මහාධිකරණ 4කට අතිරේක අධිනීතිඥවරු යෙදවීමේ තීරණයක්

colombotoday

ඌරගස්මංසන්දියේ ගම් 4 ක් හුදෙකලා කරයි

colombotoday