Colombo Today Local News

සතියක් රට වසන්නැයි අස්ගිරි – මල්වතු මහානාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි – මල්වතු මහානායක හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

කොරෝනා වෛරසය දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බව ද මල්වතු – අස්ගිරි මහානායකහිමිවරු පෙන්වා දෙති.

නව විකෘති වෛරස ප්‍රභේදයන්ගේ දරුණු බව හා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශවලින් පෙන්වා දී ඇතැයි ද එම ලිපියේ සඳහන් ය.

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදෙමින් ජන ජීවිත සුරක්ෂිත කිරීම පිණිස සිදුකරනු ලබන සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳ ව ද උන්වහන්සේලා සිය ප්‍රශංසාව ජනාධිපතිවරයා ඇතුළු රජයට පිරිනමා ඇත.

ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය පිළිබඳව සෞඛ්‍ය සංවිධානය මඟින් ද අනතුරු අඟවා ඇතැයි මහානායක හිමිවරු පෙන්වා දෙති.

එනිසා මේ අවස්ථාවේ දී ජන ජීවිතය සුරක්ෂිත කරනු සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ සතියක පමණ කාලයක් හෝ රට වසා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කරන්නැයි මල්වතු මහාවිහාරයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමියන් සහ අස්ගිරි මහාවිහාරයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් ජනාධිපතිවරයාට අවධාරණය කර තිබේ.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

අනිත් ජනාධිපතිවරු වගේ නෙවෙයි.. මම කාටත් ඇහුම්කන් දීල රටේ අවශ්‍යතාවය වෙනුවෙන් තීරණ ගන්නෙ

colombotoday

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday

විමල් අද සිල් ගනියි – හිරේ ගිය පසු දහම මතක් වේ

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට විදෙස් රටවල් 6කින් එන මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

colombotoday